පාසල් ළමුන් රැඳී සිටි කඳවුරකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් රැඳී සිටින පාසලක් කේන්ද්‍ර කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ; මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද (22) පෙරවරුවේ සිය ගණනක් අවතැන් ව රැඳී සිටින අල් – ෂාටි සරණාගත කඳවුරේ පිහිටි කෆ්‍ර් කාසිම් පාසලට බවයි.

ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවටත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ඊශ්‍රායල හමුදා අද ලෙබනනයට ද ප්‍රහාර 400ක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවල ප්‍රධානතම ඉලක්කය වී තිබුණේ හිස්බුල්ලා හයිෆා නගරය අසල රමට් ඩේවිඩ් කඳවුර බවයි වාර්තා වන්නේ.

යේමනයේ හූතිවරුන්ගේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ඔවුන් පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා ඊශ්‍රායලය ඉලක්ක කර ගැනීමට මීට පෙර භාවිතා කළ හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල සහ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා ඇතුළු තවත් බොහෝ මිසයිල දියත් කිරීමට තම කණ්ඩායම සූදානම් වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08