පාසල් සිසුවෙකු ගුරුවරයාට පහර දෙයි

පාසල් සිසුවෙකු විසින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇති ගුරුවරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

23 වැනිදා සවස පුත්තලම – තිල්අඩිය මුස්ලිම් විද්‍යාලයේදී මෙම පහර දීම සිදුව ඇති අතර පහර කෑමට ලක්ව ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ෆයිසාල් මොහොමඩ් ආස්කින් නම් අයෙක්

ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට ඒ සදහා වන ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 23 වැනිදා සිදුවී ඇත. විභාග ප්‍රවේශ පත්‍රය තමන්ට පෙර සිසුවියකට ලබා දුන්නේ ඇයි දැයි විමසා සිසුවා විසින් පහර දීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධ පාසල් සිසුවා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
3
+1
3
+1
2
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?