වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි

වත්තල ප්‍රදේශයේ හෝටලයක පසුගිය ජූලි 23 වනදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී වෙඩි ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර ඒවා තිබෙනවා.

එලෙස පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනා ඊයේ (13) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි පසු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලාගොස් තිබූ අතර, එහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඒවා තිබුණා.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්වන මෙම සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු 30 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔවුන් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කර තිබුණා.

ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03