පාසල් ඇරියත් ගුරුවරු නෑ! විහිළු සැපයීම නවත්වන්න

පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.‍

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයන් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි.

“දැනටමත් සූදානම් වෙනවා මේ ගැටලුව නොවිසඳා ළමුන් 200ට අඩු පාසල් 5000ක් ඔක්තෝබර් 6 විවෘත කරන්න. අපේ වෘත්තිය අරගලය විසඳන තුරු පාසල් විවෘත කළ පසු පැමිණෙන්නේ නැහැ.ඒක පාලකයින් හොඳින් තේරුම් ගන්න.” යැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී සඳහන් කර සිටියේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“අධ්‍යාපන ලේකම් කුමන පදනමකින්ද අපිට නැවත වැඩකරන්න කියන්නේ. මේ විහිළු කතා කවුද පිළිගන්නේ? විහිළු සැපයීම නවත්වන්න. පාසල් විවෘත කිරීමට හා ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට පෙර කළ යුතු ප්‍රධාන දේ කුමක්ද? මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කර විසඳුමකට යමු. අපි දැවැන්ත තීන්දුවක් ගන්නවා.”

mauratanews



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49