රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
ඊට අදාළ නඩුකරය අද (30) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.













