පාසල්වල ජල බිල ක්‍රමානුකූලව අයකිරීමට සූදානමක් – ගුරු සංගමයෙන් චෝදනා

රජය විසින් පාසල්වල ජල බිල ක්‍රමානුකූලව අයකිරීමට සූදානම් වන බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කළේ පාසල්වලට ජල සැපයුම සීමා කිරීම තුළින් එම ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කර ඇති බවයි.

මෙලෙස පාසල්වලට ජල සැපයුම සීමා කිරීමට එරෙහිව සිය විරෝධය පළකරන බවයි ලංකා ලංකා ගුරු සංගමය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

අනුමත සීමාව ඉක්මවා යමින් ජලය පරිභෝජනය කරන පාසල්වලින් ගාස්තුවක් අය කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගිය දා පැවසුවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසුවේ පාසල්වලට සපයන ජලය අවභාවිත වන බවට සහ අපතේ යන බවට සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි.

ඒ, අනුව පාසලක් සඳහා මසකට නොමිලේ ලබාදෙන ජල එක්ක 400 සීමාව ඉක්මවා යන පාසල්වලින් ඉදිරියේ දී ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01