ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සාර්ථකව නිම කළ විද්‍යාර්ථීන් සඳහා සහතික පත්‍ර ප්රදානය කිරීමේ උළෙල පසුගියදා (15) පැවැත්වුණි.
පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ විශ්වවිද්‍යාලය විද්‍යාර්ථින් වෙත පුළුල් අවබෝධයක් ලබා දීම මූලික අරමුණ කරගනිමින් ශ්‍රි ලංකා පාර්ලමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් මෙම පාඨමාලාව සංවිධානය කර තිබුණා.යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මාධ්‍ය අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.
මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මියයි.
එහිදී පාර්ලිමේන්තුව හා එහි ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය,පාර්ලිමේන්තු සම්ප්රදායයන්,පාර්ලිමේන්තු කාරක සභා,මහජන සහභාගිත්වය, කාන්තා හා තරුණ නියෝජනය, විවෘත පාර්ලිමේන්තු සංකල්පය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දුන් අතර දින කිහිපයක් පුරා පැවති මෙම පාඨමාලාවේ ඒකක සහ අනු ඒකක කිහිපයක් යටතේ දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක්ද ඇතුලත් විය.



