spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාපන්දු තරගයක් මැද අකුණක් වැදී ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ඉන්දුනීසියාවේ පැවති පාපන්දු තරඟයක් අතර තුර අකුණක් වැදීමෙන් ක්‍රීඩකයෙක් මියයාමේ පුවතක් විදෙස් මාධ්‍ය අද (12) වාර්තා කළා.

බටහිර ජාවා හි බන්දුං හි සිලිවාංගි ක්‍රීඩාංගනයේ ඊයේ (11) පැවති තරගයක දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අකුණක් වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි ක්‍රීඩකයෙක්.

මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ තරගය ක්‍රීඩා කරමින් සිට ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ම කම්පනයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අකුණු සැර වැදීමත් සමඟ ක්‍රීඩකයා හුස්ම ගනිමින් සිටි බවත් ඔහුව කඩිනමින් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
8
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?