පාන්ට්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් RCB වෙත අභියෝගාත්මක ලකුණු පුවරුවක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (27) රාත්‍රියේ පැවැත්වෙන තීරණාත්මක තරගය ජය ගැනීමට ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමෙන් ලකුණු 228ක ඉලක්කයක් හිමිවුණා.

ලක්නව් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

රෝයල්වරුන්ගේ ඇරයුමට සාර්ථක පිළිතුරක් ලබාදෙමින් ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 03ක් පමණක් දැවී සිය කණ්ඩායමට අර්ධ ශතකයක් සහ එක් විශිෂ්ට ශතකයක් ද රැස් කරගැනීමට සමත් වුණා.

නායක රිෂාබ් පාන්ට් පන්දු 54කදී ප්‍රවේගකාරී ශතකයක් වාර්තා කළා.

ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වුණා.

එමෙන්ම රිෂාබ් පාන්ට් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ඉතිහාසයේ ලකුණු 3500 සිය පෞද්ගලික ලකුණු ලැයිස්තුව ද තමන් නමින් ලියා ගැනීමට අද සමත් වුණා.

රිෂාබ් පාන්ට් තරගයේ පන්දුවාර 20 අවසන් වන විට පන්දු 61කට දැවැන්ත ලකුණු 118ක් නොදැවී ලබා සිටියා.

මිචෙල් මාර්ෂ් ලකුණු 67 යි.

කඩුලු බිඳ දැමීමේ දී RCB වෙනුවෙන් නුවන් තුෂාර, රොමාරියෝ ෂෙපර්ඩ් හා භුවනෙෂ්වර් කුමාර් එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝ‍ර් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ තවත් ඉදිරියට ඒමට නම් අද තරගය ලකුණු 228ක් ලබා ජයගත යුතු ම වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39