පාන්ට්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් RCB වෙත අභියෝගාත්මක ලකුණු පුවරුවක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (27) රාත්‍රියේ පැවැත්වෙන තීරණාත්මක තරගය ජය ගැනීමට ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමෙන් ලකුණු 228ක ඉලක්කයක් හිමිවුණා.

ලක්නව් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

රෝයල්වරුන්ගේ ඇරයුමට සාර්ථක පිළිතුරක් ලබාදෙමින් ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 03ක් පමණක් දැවී සිය කණ්ඩායමට අර්ධ ශතකයක් සහ එක් විශිෂ්ට ශතකයක් ද රැස් කරගැනීමට සමත් වුණා.

නායක රිෂාබ් පාන්ට් පන්දු 54කදී ප්‍රවේගකාරී ශතකයක් වාර්තා කළා.

ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වුණා.

එමෙන්ම රිෂාබ් පාන්ට් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ඉතිහාසයේ ලකුණු 3500 සිය පෞද්ගලික ලකුණු ලැයිස්තුව ද තමන් නමින් ලියා ගැනීමට අද සමත් වුණා.

රිෂාබ් පාන්ට් තරගයේ පන්දුවාර 20 අවසන් වන විට පන්දු 61කට දැවැන්ත ලකුණු 118ක් නොදැවී ලබා සිටියා.

මිචෙල් මාර්ෂ් ලකුණු 67 යි.

කඩුලු බිඳ දැමීමේ දී RCB වෙනුවෙන් නුවන් තුෂාර, රොමාරියෝ ෂෙපර්ඩ් හා භුවනෙෂ්වර් කුමාර් එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝ‍ර් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ තවත් ඉදිරියට ඒමට නම් අද තරගය ලකුණු 228ක් ලබා ජයගත යුතු ම වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15