පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය කඩා වැටීමේ අවදානමක්

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවා සමගම කඩා වැටීමට ආසන්න තත්වයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවීමට මුදල් ලබා ගැනීමට ගුවන් සමාගමට නොහැකි වීම නිසා පාකිස්තාන ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් හි අර්බුධ කාලයක සිට පැවති බවයි සඳහන් වන්නේ.

ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත්තේ පසුගිය දින 10 තුළ ගුවන් ගමන් 300 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමත් සමඟ ගුවන් සමාගම සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආසන්න බවයි.

පසුගිය 16 වනදා සහ 17 වනදා ගුවන් සමාගම ජාත්‍යන්තර සහ දේශීය සේවා 48ක් අවලංගු කර තිබෙනවා.

මෙම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 53.5ක ණය සීමාවක් ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 53.34ක් දැනටමත් භාවිතා කර ඇති බව සඳහන්.

මේ මස මුලදී, පකිස්තානයේ කැබිනට් මණ්ඩලය යටතේ ඇති ආයතනයක් ඉදිරි මාස හතර ඇතුළත පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) පුද්ගලීකරනය කිරීමට සැලසුම් කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුල පමණක් PIA ඇමරිකානු ඩොලර් මිලියන 550ක දැවැන්ත පාඩුවක් ලබා ගෙන ඇති බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පකිස්ථාන ගුවන් සමාගම 2012 සිට ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක පාඩුවක් ලබා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01