පාකිස්ථානයේ සුළුතර ප්‍රජාවට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කනස්සල්ල

පාකිස්ථානයේ ඇතැම් ආගමික ස්ථානවලට එල්ලවන ප්‍රහාර සහ පැහැරගැනීම් ඇතුළු සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර පිළිබඳව සින්ද් මානව හිමිකම් කොමිසම කනස්සල්ල පළ කරනවා.

ඒ පාකිස්ථානයේ වෙසෙන සුළුතර ප්‍රජාවක් වන අහමදියා ප්‍රජාවට එරෙහිව නැගී එන ප්‍රහාර පිළිබඳ ප්‍රජා නායකයෙකු විසින් ප්‍රශ්නය මතු කර ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව ඉල්ලා ඇති පසුබිමකයි.

අහමදියා ප්‍රජාවේ නියෝජිතයෙකු කියා ඇත්තේ ආගමික අන්තවාදීන් නන්කානා සාහිබ් දිස්ත්‍රික්කයේ සංග්ලා හිල් ටේසිල්හි ස්ථාන දෙකක අහමදිස්වරුන්ගේ ආගමික ස්ථානවලට පහර දීමට අදහස් කරන බවයි.

නන්කානා සාහිබ් දිස්ත්‍රික්කය පාකිස්තානයේ පන්ජාබ් පළාතේ පිහිටි දිස්ත්‍රික්කයක්.

ආමර් මහමුද් ෆයිසලාබාද්හි නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක කියා සිටියේ මිනාර් ආරක්ෂා කරනවාට වඩා ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානවලින් සඟවා තැබීමට හෝ ඉවත් කිරීමට පොලිසිය අහමදිස්වරුන්ට බල කරන බවයි.

ඔවුන්ට බලපෑම් කර ඔවුන්ට එරෙහිව ක්‍රියා කරනවා වෙනුවට අහමඩිවරුන් ආරක්ෂා කිරීමට වහාම අවධානය යොමු කරන ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

පකිස්ථානයේ අහමදි ප්‍රජාව ජීවත් වන්නේ දෙවන පන්තියේ පුරවැසියන් ලෙසයි. අහමදි මුස්ලිම් විරෝධී හැඟීම පකිස්ථානයේ බලවත් ලෙස පවතිනවා. ඔවුන් රටේ වඩාත්ම පීඩාවට පත් වූ සුළුතර ප්‍රජාවන්ගෙන් එකක්. ඒ අනුව මේ වන විට පාකිස්ථානයේ සුළුතර ප්‍රජාව පත්ව ඇත්තේ අනාරක්ෂිත තත්ත්වයකටයි.

පවතින තත්වය හමුවේ සින්ද මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ පූජනීය ස්ථාන සහ පැහැරගැනීම් ඇතුළු සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ සිද්ධීන් නතර කිරීම සඳහා සෘජු පාර්ශ්වකරුවෙකු වන ලෙසයි.

සින්ද්හි Kandkot-Kashmore දිස්ත්‍රික්කයේ Bakshapur ප්‍රදේශයෙන් මුඛි කුමාර් සහ තවත් බාල වයස්කාර පිරිමි ළමයෙක්  පැහැරගැනීම පිළිබඳ වාර්තා වූ අතර විපතට පත් පවුල්වලට අවශ්‍ය සහය ලබාදීමට අමතරව, වින්දිතයන් දෙදෙනාගේම ආරක්ෂාව සහ කඩිනම් සුවය සහතික කරන ලෙසයි විසින් මානව හිමිකම් කොමිසම  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

මුස්ලිම් නොවන ප්‍රජාවන් අතර පැන නගින අනාරක්ෂිත හැඟීම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික් පරිපාලනය විසින් සුදුසු පියවර ආරම්භ කළ යුතු බව ද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21