spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 75 ඉක්මවු තද වැසි ඇති වේ.

මේ අතර, දිවයිනට ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, හෙට (01) සහ අනිද්දා (02) දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?