spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවල මි.මී 50ක තරමක තද වැසි ඇති විය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 පමණ දක්වා වැඩි විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?