ප්‍රසන්නගේ ඇපෑල විභාගයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

තමන්ට නියම වී සිටි තිබෙන අත්හිටවූ සිර දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කර තිබෙන ඇපෑල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට අභියාචනාධිකරණය අද (04) නියෝග කළා.

මෙම ඇපෑල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ නඩුකරයේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අදාළ ඇපෑල මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, පී. කුමාරන් රත්නම් සම්පත් විජේරත්න සහ මායාදුන්නේ කොරයා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට නියමිතයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාළ චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කර තිබුණා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

  1. ඕකා රනිල් ට හේත්තු වෙන්න හේතුවදැන් පැහැදිලි නෙ,, ඌට ඕනෙ ඔය නඩුවෙන් කොහොම හරි නිදහස් වෙන්න,,මේ වගෙ පාහර කප්පම් කාර බල්ලො අත් හිටවුනු වු සිරදඬුවම් නෙවෙයි ,,ඒ මොහොතේ සිට ක්‍රියා ත්මක සිරදඬුවම් ලැබෙන්න ඕනෙ,, මුන් ගෙ හිතෙ මඋන් මහ පොර වල් කියලා උන්ට උඩින් කාක්කෙක් වත් පියාඹන්න බැහ කියල ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49