ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත් වුණා.

මෙහිදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළව වෙන් වෙන් වශයෙන්, මහාමාර්ග, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග ආදිය පිළිබඳ සාකච්ඡා වූ අතර, වරාය සහ එහි කටයුතු සඳහා අයවැය මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන, එම ප්‍රතිපාදන භාවිත කර ඇති ආකාරය මෙන්ම අනාගත සැලසුම් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසුමට ලක් කළා.

ග්‍රාමීය මාර්ගවල බස්රථ ධාවනය ලාභ නොලබන කටයුත්තක් වුවත්, එම බරපැන රජයෙන් දරමින් ජනතාවට උපරිම සේවයක් ලබාදීමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට මෙහිදී උපදෙස් දුන්නා.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේ දී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශවලට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා යන අංශ මෙරට ආර්ථිකයට දායක කර ගැනීම මූලික කර ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන අය සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18