spot_imgspot_img

ප්‍රධාන මාර්ග 3ක් යා කරමින් නව බස් සේවාවක්

ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලෙවල් මාර්ග සම්බන්ධ කරමින් නව බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

කොළඹට ඇතුළු වන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ සේවාව ආරම්භ කිරීම සිදු වූයේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් මෙම බස් සේවාව ක්‍රියාත්මක කරනු ලබනවා.

කටුබැද්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතන පරිශ්‍රයේ දී බස්රථ ධාවනයට එක් කිරීම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.

කොළඹට ඇතුළු වීම සහ පිටවීම වෙනුවෙන් දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිත කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමඟ විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටළු සඳහා විසඳුම් සැලසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?