ප්‍රංශ තානාපති සහ ඇමති විජිත හේරත් අතර හමුවක්

ප්‍රංශයේ මෙරට තානාපති රෙමී ලැම්බර්ට් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අද (19) පැවැත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා, ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බව පවසා සිටියා.

දෙරට අතර ඇති ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්ය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍යතාවය මෙහිදී අමාත්‍ය විජිත හේරත් අවධාරනය කර සිටියා.

දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවයි තානාපතිවරයා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?