පළාත් පාලන පනත් කෙටුම්පත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ කථානායකට දැනුම් දුන් තීරණය මෙන්න

“ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” පනත් කෙටුම්පත් තුන පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දැනුම් දී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායකවරයාට දන්වා සිටි අතර, එම තීරණය කථානායකවරයා විසින් අද (08) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නා.

ඒ, අනුව මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව සලකා බැලීමේදී, එහි 2, 3 සහ 7 වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින්, පනත් කෙටුම්පතෙහි එම වගන්ති දැනට පවතින ආකාරයට සම්මත කිරීමට නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කරනු ලැබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස වී තිබෙනවා.

කෙසේ වෙතත්, ගරු නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබීමට නියමිත සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පනත් කෙටුම්පතෙහි ඉහතින් සඳහන් කරන ලද වගන්තිවල අනනුකූලතාවය ඉවත් වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ.

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් 2023 ජූලි 31 දිනද, තවත් එක් පෙත්සමක පිටපතක් 2023 අගෝස්තු 03 වෙනි දිනද, තමා වෙත ලැබී ඇති බවද කථානායකවරයා නිවේදනය කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන සහ 2023 මැයි 12 දින සහ 2023 ජුනි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්හි කුමක් සඳහන්ව තිබුණ ද, 2023 ජූලි 18 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා පහත සඳහන් මන්ත්‍රීවරයන් ද නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නා.

ඒ, අනුව, අරුන්දික ප්‍රනාන්දු , වරුණ ලියනගේ , සංජීව එදිරිමාන්න, කෝකිලා ගුණවර්ධන , නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ , වීරසුමන වීරසිංහ, සහ යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර තිබෙනවා.

ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් 2023 ජූලි 20 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23