පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදමා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
ඒ, අනුව පුද්ගලයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසට සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඊට අමතරව අවශ්‍ය අවස්ථාවන්හි දී කඩිනමින් ඔවුන් හඳුනාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසට අදාළ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදෙන ලෙසට එම අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.














