පරාජයවීමට වඩා පරාජය වූ ආකාරය ගැන කණගාටුයි

නවසීලන්තය සමඟ පැවති එක්දින තරගාවලිය පරාජයවීමේ වැඩි වගකීමක් පිතිකරුවන් සතුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

අවසන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නවීඩ් නවාස් මේ බව සඳහන් කළා.

අද (31) පැවති අවසන් තරගයේ දී පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනනජය ද සිල්වා සහ දසුන් ශානකගේ දැවීයාම් අද තරගයේ දී ශ්‍රී ලංකා පිළට සිදුවූ විශාලතම පාඩුව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර, එළෙඹෙන එක්දින ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව තිබීම සම්බන්ධයෙන් ද පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මෙහිදී අදහස් දක්වා සිටියා.

එම අභියෝගය සඳහා මුහුණදීම සඳහා විධිමත් සැලැස්මක් යටතේ ඉදිරියට යා යතු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනම තවදුරටත් දියුණුකර ගතයුතු බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

නවසීලන්ත සමඟ පැවති එක්දින තරගාවලිය පරාජයවීමට වඩා පරාජය වූ ආකාරය සම්බන්ධයන් කණ්ඩායමක් ලෙස කණගාටුවට පත්වන බවද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?