පරාජයවීමට වඩා පරාජය වූ ආකාරය ගැන කණගාටුයි

නවසීලන්තය සමඟ පැවති එක්දින තරගාවලිය පරාජයවීමේ වැඩි වගකීමක් පිතිකරුවන් සතුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

අවසන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නවීඩ් නවාස් මේ බව සඳහන් කළා.

අද (31) පැවති අවසන් තරගයේ දී පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනනජය ද සිල්වා සහ දසුන් ශානකගේ දැවීයාම් අද තරගයේ දී ශ්‍රී ලංකා පිළට සිදුවූ විශාලතම පාඩුව බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර, එළෙඹෙන එක්දින ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව තිබීම සම්බන්ධයෙන් ද පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මෙහිදී අදහස් දක්වා සිටියා.

එම අභියෝගය සඳහා මුහුණදීම සඳහා විධිමත් සැලැස්මක් යටතේ ඉදිරියට යා යතු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනම තවදුරටත් දියුණුකර ගතයුතු බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

නවසීලන්ත සමඟ පැවති එක්දින තරගාවලිය පරාජයවීමට වඩා පරාජය වූ ආකාරය සම්බන්ධයන් කණ්ඩායමක් ලෙස කණගාටුවට පත්වන බවද ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46