වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියගේ මරණ පරික්ෂයෙන් හෙළිවූ භයානක කතාව

කොවිඩ් නිව්මෝනියාව වැළඳීම නිසා සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය වීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (13) දිනයේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මාදම්පා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම  ලබන සිසුවියක්. ඇය ඉඩම්තොට මාදම්පේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් ද වෙනවා. 

මිය ගිය පාසල් සිසුවියට පසුගිය 10 වැනිදා උණ රෝගය වැළැඳී තිබෙන අතර ඇයගේ ගෙලෙහි නහරවල කුඩා ගැටිති මතුවි ඇති අතර වමනය කර ඇති බවත් සඳහන්.

පසුව දැරියව බලපිටිය රෝහලට ඇතුලත්කොට ඇති අතර බලපිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරු කොට තිබුණා. 

එහිදී කරාපිටිය රෝහලේ දි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මෙකි සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා.

අදාළ පාසල් සිසුවිය පසුගිය 12 වැනිදා දහවල් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි රෝගී තත්වය උත්සන්න වී ඇති අතර එදින රාත්‍රි 10.45ට පමණ දැරිය මියගොස් තිබුණා.

මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරණු ලැබුවා. 

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් සිදුකළ අතර  ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාව ආසාදනය විමෙන් සිරුරේ බහුවිද අවයන අකර්මණ්‍ය විමෙන් මරණය වි ඇති බවට තීන්දු කළා.

(ලලිත් චාමින්ද – ගාල්ල) am



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22