පන්දු යැවීමේ පරීක්ෂණයෙන් ශකීබ් ෆේල් – පන්දු යැවීමත් තහනම් !

බංග්ලාදේශය තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පැවැති දෙවැනි පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා.

ඒ, අනුව ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට පනවා තිබූ තහනම තව දුරටත් පවතිනවා.

පසුගිය වසර සැප්තැම්බර් මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ යම් ගැටළුවක් ඇති බවට චෝදනා එල්ල වුණා.

ඒ, අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට දේශිය හා අන්තර්ජාතික තරගවල දී පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමටයි කටයුතු කළේ.

අනතුරුව ශකීබ් පසුගිය වසරේ අගභාගයේදී එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව සම්බන්ධයෙන් වන පළමු පරීක්ෂණ සඳහා මුහුණ දුන්නා.

එම පරීක්ෂණය සමත්වීමට ඔහුට හැකියාව නොලැබුණු අතර, දෙවන පරීක්ෂණය සඳහා ඔහු පසුගිය මාසයේ දී මුහුණ දුන්නේ චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ දීයි.

එම පරීක්ෂණයෙන් ද ඔහුට සමත්වීමට හැකියාව නොලැබීම මතයි මෙලෙස ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් පනවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40