Indian Premier League

පතලකට වැටී පුද්ගලයෙකු අතුරුදන්

ඊයේ (03) රාත්‍රී කාලයේ අයගම පොලිස් වසමේ ඇරැපෝරුව ප්‍රදේශයේ දී පතලකට වැටී පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට අයගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 30 ක් වූ සිංහලගොඩ, මැදගලතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් වූ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ පතල් වැඩපොළට ගොස් ඇති අතර වර්ෂාව නිසාවෙන් පතලේ ජලය පිරී තිබීම හේතුවෙන් පතලේ සවි කර තිබූ මෝටරයක ප්ලග් කොටස ගැලවීමට යාමේදී එක්වරම ඔහු පතල තුළට වැටී ඇතුරුදන් වී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් තවදුරටත් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?