නොරොච්චෝලෙ ලක්විජය බලාගාරයේ 3 වන ඒකකය අද (23) උදෑසන ජාතික විදුලි පද්ධතියට නැවත සම්බන්ධ කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසනවා.
එමෙන්ම, 1 වන ඒකකය ද අද (23) පස්වරුව වන විට ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.
මෙම සියලු විදුලි උත්පාදන ඒකක මගින් ජාතික පද්ධතියට එක් කෙරෙන සමස්ත විදුලි ධාරිතාව මෙගාවොට් 810ක්.
මේ අතර දෛනික විදුලි කළමනාකරණයක් (විදුලි කප්පාදුවක්) සිදු කිරීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු ඊයේ ප්රකාශ කළා.
පසුගිය සෙනසුරාදා (17) පෙරවරු 11:45ට විදුලි සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවුණා.
මේ හේතුවෙන් නොරොච්චෝලෙ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන ඒකක තුනම අක්රිය වූ අතර, විදුලි සැපයුම පාලනය කිරීම සඳහා ජාතික පද්ධති ක්රියාකරු විසින් දිවයින කලාප හතරකට බෙදා, දිනකට එක් පැයක කාලයක් විදුලි කප්පාදුවක් දින තුනක් ක්රියාත්මක කිරීමට පියවර ගත්තා.
