නෙල්ලිගලට වන්දනාකරුවන් රැගෙන පැමිණි බසයක රිය සහායක බසයට යට වී ජීවිතක්ෂයට

පේරාදෙණිය – නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතුරු මාර්ගයේ පේරාදෙණිය දෙසට ධාවනය වූ බස් රථයක රිය සහායකවරයා පා පුවරුවෙන් ඇදවැටී එම බස් රථයටම යට වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නීනපොත බටහිර, නිකපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක රිය සහායකවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57