spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙල්ලිගලට වන්දනාකරුවන් රැගෙන පැමිණි බසයක රිය සහායක බසයට යට වී ජීවිතක්ෂයට

පේරාදෙණිය – නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතුරු මාර්ගයේ පේරාදෙණිය දෙසට ධාවනය වූ බස් රථයක රිය සහායකවරයා පා පුවරුවෙන් ඇදවැටී එම බස් රථයටම යට වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නීනපොත බටහිර, නිකපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක රිය සහායකවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
4
+1
51
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?