නෙල්ලිගලට වන්දනාකරුවන් රැගෙන පැමිණි බසයක රිය සහායක බසයට යට වී ජීවිතක්ෂයට

පේරාදෙණිය – නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතුරු මාර්ගයේ පේරාදෙණිය දෙසට ධාවනය වූ බස් රථයක රිය සහායකවරයා පා පුවරුවෙන් ඇදවැටී එම බස් රථයටම යට වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නීනපොත බටහිර, නිකපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක රිය සහායකවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
2
+1
4
+1
51
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18