නුවරඑලිය බස් නැවතුම්පොළ අසළ ඔයකට බසයක් පෙරළෙයි

නුවරඑලිය බස් නැවතුම්පොළ අසළින් ගලා බසින තලගලඔයට බස් රථයක් පෙරළීමෙන් අද (08) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

නුවරඑළියේ සිට නුවරඑළිය ශාන්තිපුර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක් මෙමෙ අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය ගාල් කිරීමට යෑමේ දී බස් රථය, රියදුරුගේ පාලනයෙන් මිදි මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted