spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති තද වෙයි – දුම්රියෙන් යන එන අයට අනිවාර්ය වූ දේ මෙන්න

ගමනාගමන කටයුතු සඳහා අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කරන්නේ නම් ඒ සඳහා රැකියාව කරන ස්ථානයේ රාජකාරි හැඳුනුම්පත හෝ ආයතනය විසින් ලබාදී ඇති ලියකියවිලි අනිවාර්ය කරන ඇති බවට දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා.

එසේ නොමැතිව අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කිරීම සඳහා හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් අවධාරණය කර තිබෙනවා.

අදාළ ලියකියවිලි ඕනෑම වේලාවක පරීක්ෂා කර නිසි පියවර ගන්නා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශවලට දැනුම් දී තිබෙනවා.

රාජකාරී කටයුතු සඳහා යන පුද්ගලයින්ට තදබදයක් නොමැතිව ගමන් කිරීම සඳහා දුම්රිය ගමන්වාර ඉහළ දමා ඇති බවත්, දුම්රිය මැදිරි වැඩි කිරීමටත් කටයුතු කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් වැඩිදුරටත් පවසා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?