නීතිඥවරයෙකුගෙන් ලක්ෂ 58ක මුදල් ගැරූ පෙරකදෝරුවා ඇල්ලීමට නියෝග

කැනඩාවේ රැකියා බලපත්‍රයක් ලබාදෙන බව පවසා නීතිඥවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 58ක් වංචා කළ බව කියන නීතිඥවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (11) නියෝග කළා.

2017 වසරේ සිදු වූ සිද්ධියක් සම්බ්නධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබුවේ දැනට කැනඩාවේ පදිංචි බව කියන නීතිඥ අසේල රූපසිංහ නමැති අයෙක්.

නඩුව කැඳවූ අවස්ථාවේ දී වසර 07ක් වැනි කාලයක් ඉක්ම ගොස් තිබියදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි අගතියට පත් නීතිඥ අමිල ඉන්දික මාවෙලගෙදර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජිව ඇන්තනි කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු අවුරුදු 07ක් ඉක්ම යන තෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් වංචා විමර්ශන කොට්ඨාසයෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය නඩුව කෙටි වේලාවකට කල් දමමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නා.

ඒ අනුව පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර සැකකාර නීතිඥවරයා 2011 වසරේ සිට කැනඩා රටේ පදිංචිව සිටින බව කී අගිතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ මෙවැනිම මුදල් වංචා සිද්ධි 80ක් පමණ ඇති බවත් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සැකකරුවන් සිදු කර ඇති බවයි.

මේ මුදල් අවස්ථා දෙකක දී සැකකරුගේ ඉල්ලීම පරිදි පලිහක්කාර යන අයෙකුටත් සැකකරුගේ සහෝදරයෙකු වන ඩී. එස්. රූපසිංහ යන අයෙග් ගිණුම්වලටත් බැර කළ බව අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මුදල් තැන්පත් කළ එක් අයෙක් පමණක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති උපකාරක පන්ති ගුරුවරයෙකු බව කියන එස්. එම්. පලිහක්කාර යන අය අධිකරණයේ පෙනී සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46