spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිහැඬියාවට තිත තැබූ නන්දා මාලනී

දේශයේ දරු පරපුර වෙනුවෙන් “හඳහාමි”, “සින්දු හෝඩිය””පුංචි සින්දු”වැනි නිර්මාණ රැසක් ප්‍රදානය කළ සංගීත විශාරද නන්දා මාලිනිය මෙහෙයවන සංගීත පන්ති සඳහා නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දරු දැරියන් සඳහා මුලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.

වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට පාසැල් විෂය මාලාව හා සම්බන්ධ කෙරුණු දේශීය ජන ගායනා සහ රාගධාරි විෂය ඇතුළත් සංගීත පාඨමාලාවන්ද තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තම ගායනා හැකියාවන් ප්‍රගුණ කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විද්‍යාපීඨයේ ප්‍රවේශිකා ප්‍රථම සහ ඩිප්ලෝමා යන පාඨමාලාවක්ද ඉගැන්වේ.

සංගීත ආශ්‍රමය අංක 30, විජයබා මාවත නුගේගොඩ යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගත හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
140
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?