නිවසකට ගලක් පෙරළී පුද්ගලයෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල වැලිවත්ත විජයානන්ද මාවතේ නිවසක් මතට අද (05) පෙරවරුවේ ගලක් පෙරලිමෙන් නිවසේ නිදා සිටි නිවෙස් හිමියා මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් නිවසට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මියගොස් විශ්‍රාමිකයෙක් වන 78 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනතුර සිදුවන විට ඔහුගේ බිරිඳ සහ පුතා ද නිවසේ සිට තිබෙනවා.

මෙම පුද්ගලයා අද උදෑසන පිබිදී මුහුණ සෝදා තේ පානය කර යළිත් ඇඳෙහි වැතිර සිටියදී කාමරයට විශාල ගලක් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

ඒ සමගම මියගිය අයගේ පුත්‍රයා සහ අසල්වාසින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබුණ ද එහිදී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඊ.ආර්.බන්දුල මහතා ගල පෙරලුන ස්ථානය නිරික්ෂණ කර කියා සිටියේ එම ස්ථානයේ තිබෙන අනෙක් ගල් ද අනතුරුදායක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
15
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10