spot_imgspot_img
spot_img

නිවසකට ගලක් පෙරළී පුද්ගලයෙකු ජිවිතක්ෂයට (වීඩියෝ)

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල වැලිවත්ත විජයානන්ද මාවතේ නිවසක් මතට අද (05) පෙරවරුවේ ගලක් පෙරලිමෙන් නිවසේ නිදා සිටි නිවෙස් හිමියා මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් නිවසට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මියගොස් විශ්‍රාමිකයෙක් වන 78 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනතුර සිදුවන විට ඔහුගේ බිරිඳ සහ පුතා ද නිවසේ සිට තිබෙනවා.

මෙම පුද්ගලයා අද උදෑසන පිබිදී මුහුණ සෝදා තේ පානය කර යළිත් ඇඳෙහි වැතිර සිටියදී කාමරයට විශාල ගලක් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

ඒ සමගම මියගිය අයගේ පුත්‍රයා සහ අසල්වාසින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබුණ ද එහිදී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඊ.ආර්.බන්දුල මහතා ගල පෙරලුන ස්ථානය නිරික්ෂණ කර කියා සිටියේ එම ස්ථානයේ තිබෙන අනෙක් ගල් ද අනතුරුදායක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
15
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?