නිල සංචාරයක් සඳහා ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) නිල සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරතවන්නේ.

ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා මෙම නිල සංචාරයේ නිරතවන අතර, එහිදී ඔහු “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතයි.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ අමේම නිල සංචාරය තුළ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක රාජ්‍ය සමුළුවට සහභාගීවන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..
00:52
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
00:43
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45