Empty Ad
AFC Banner
AFC Banner

නිරිතදිග මෝසම් තත්ත්වය තව දුරටත් – නාවලපිටියේ තිදෙනෙක් සැඩ පහරකට බිළි

නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

අතුරුදන් වූවන් අවුරුදු 36, 46 සහ 57 යන වයස්වල පසුවන්නන් බවයි නාවලපිටිය පොලීසිය පැවසුවේ.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනය තුළ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

උතුරු මැද පළාතේ ද අද (02) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව වැඩ බැරි ටාසන්ලා වෙලා ඉවරයි
02:21
Video thumbnail
සහල් හිඟය ගැන සුරූපී නංගිගෙන් හෙළිදරව්වක් - ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසනවා
06:01
Video thumbnail
උදයංග වෙස් මාරුකරයි - ජනපති සමග වැඩ අරඹන උදයංග
06:11
Video thumbnail
Breaking News🛑හැටන් ප්‍රදේශයේ බිහිසුණු බස් රථ අනතුර #breakingnews
02:25
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
01:17:41
Video thumbnail
කන්ඩලමේ සැඟවුණ එක්දරු පියා - දැලක පැටළී මළ සිරුර හමුවෙයි
02:25
Video thumbnail
බිත්තර මිළ තවදුරටත් පහළට - නත්තලට සැපේ ඉන්නයි තියෙන්නේ
06:38
Video thumbnail
ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් අපිට නෑ - මේ නාඩගම නවත්වන්න ඕනි
07:34
Video thumbnail
සංජීව එදිරිමාන්න කොර - ආණ්ඩුවේ මන්ත්‍රී එළිපිටම රෙදි ගලවයි
03:25
Video thumbnail
මහ මොල් කරුවන්ට මුදල් හම්බ කරගන්න දීලා ආණ්ඩුව බලන් ඉන්නවා
04:56

?