spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිරිතදිග මෝසම් තත්ත්වය තව දුරටත් – නාවලපිටියේ තිදෙනෙක් සැඩ පහරකට බිළි

නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

අතුරුදන් වූවන් අවුරුදු 36, 46 සහ 57 යන වයස්වල පසුවන්නන් බවයි නාවලපිටිය පොලීසිය පැවසුවේ.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනය තුළ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

උතුරු මැද පළාතේ ද අද (02) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?