නාවික හමුදාධිපතිවරයා, අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදකී

අභිනවයෙන් පත් වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගෙන තිබෙනවා.

නාවික හමුදාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ද මේ සඳහා එක්ව සිටියා.

ඔවුන් දෙපළ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගෙන තිබුණා.