නාමල්ගේ පෞද්ගලික ලේකම් ඇප මත මුදාහරී

සේප්පුවේ තිබූ මුදල්වල මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීමට සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කරනු ලැබුවා.

එමෙන්ම ඔහුට විදේස් ගමන් තහනම් කිරිමට ද නියෝග කළා

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, ඔහු සන්තකයේ තිබූ මුදල් ප්‍රමාණයක මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.