නාගලගම් වීදියේ වෙඩි තැබීමට 31 හැවිරිදි අයෙක් අල්ලයි

පසුගිය මාර්තු 17 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 31 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අපරාධය වූ ස්ථානය කැඳවාගෙන ඇත්තේ මෙම සැකකරු බවයි හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සමඟ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 17 වනදා රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේ දී යතුරුපදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකර පලාගොස් තිබුණා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42