න්‍යෂ්ටික බලශක්තිය ගැන ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන වැඩසටහන ඇරඹේ

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (14) කොළඹ දී ආරම්භ වුණා.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් අද (14) ආරම්භ වූ වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙනවා.

මෙහිදී ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන කල්පනා කිරීමේදී අද ඇරඹුණු මෙම සමාලෝචන වැඩසටහන ඉතා වැදගත් පියවරක් වන බව ප්‍රකාශ කළා.

එමෙන්ම විශ්වාසනීයත්වය, අඩු පිරිවැය හා බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් සලකන කළ න්‍යෂ්ටික ශක්තිය ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීම (LTGEP) 2025–2044 යටතේද මූලික ක්‍රමවේදයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය ඇතුළත් කර ඇති බවද සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ඉහළ ඇගයීමක් ලබාගැනීමට මෙම සමාලෝචන වැඩසටහන මගින් අවස්ථාව සැලසෙන අතරම, ඒ සම්බන්ධව අපගේ වර්තමාන තත්වය හඳුනාගැනීමට හා ඉදිරි පියවර සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමටද එය උපකාරී වන බවත් ඔහු තවදුරටත් පැවසුවා.

මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ න්‍යෂ්ටික විශේෂඥ ජෝන් හද්දාද් ප්‍රමුඛ විශේෂඥයින් පිරිසක් සහ ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජගත් පිටවල ඇතුළු ක්ෂේත්‍රයට අදාළ විද්වතුන්, ප්‍රවීණයින් රැසක් ද සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47