spot_imgspot_img

නෂීම් ෂා පාකිස්ථානයට තියුණු ජයක් ගෙන එයි (ඡායාරූප)

ඇෆ්ගනිස්ථානය සමඟ ඊයේ (24) පැවති දෙවන එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය ජයගැනීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට පාකිස්ථානය හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05කට ලකුණු 300ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් පන්දු 151ක් තුළ ලකුණු 151ක් රැස්කළේ මෙතෙක් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්.

ඊට අමතරව ඊබ්‍රාහිම් සද්‍රාන් ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් ලකුණු 80ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 58කට ඇෆ්ගන් කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු පාකිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉමාම්-උල්-හක් ලකුණු 91ක් සහ නායක බාබර් අසාම් ලකුණු 53ක් රැස්කරමින් පාකිස්ථාන ඉනිම ගොඩනැඟුවා.

පකිස්ථානයට අවසන් පන්දුවාරය තුළ ලකුණු 11ක් ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබූ අතර, ඒ මොහොතේ පිටියේ ස්ථාවරව සිටි ශඩබ් ඛාන්ව මන්කාඩ් ක්‍රමයට දවාගන්නට පන්දු යවමින් සිටි ෆසාල්හක් ෆාරුකි සමත් වුණේ තරගයේ ජය ඇෆ්ගනිස්ථානය දෙසට හරවා ගනිමින්.

ක්‍රිකට් නීතියට අනුව එය දුවද්දී දැවී යාමක් වුවත් ෆසාල්හක් ෆාරුකි දවාගත් මෙම කඩුල්ල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඔහුට සිය අප්‍රසාදය මේ වනවිටත් පළකර සිටිනවා.

කෙසේ වෙතත් සටන අත්නොහැරි නෂීම් ෂා, පසුගිය ආසියානු කුසලාන ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන තරගය යළි හම්බන්තොට දී පුනරූපනය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් පාකිස්ථානයට ගෙන ඒමට කටයුතු කළා.

ඒ, අනුව පන්දුවාර 49යි පන්දු 05ක් තුළ තරගයේ ජය තමන් සතුකර ගත් පාකිස්ථාන මෙම තරගාවලියේ ශූරතාව ද තම නම ඉදිරියේ ලියා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?