spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිමට එරෙහිව පාසල් ළමුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක

හැටන් වටවල රොසැල්ල කුයිල්වත්ත ප්‍රදේශයේ රුබි.04 නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ආරම්භ කිරිමට කටයුතු කිරිමට එරෙහිව වටවල රොසැල්ල ප්‍රදේශයේ පාසල් ළමුන් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් එක්ව (18) දින පස්වරුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නියැලිණ.

එම ප්‍රදේශයේ නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිමට ප්‍රථම ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් මහජන විරෝධතා කැදවිම සදහා ග්‍රාමසේවා කාර්යාලයේ දැන්විමක්ද පල කර තිබුණි.

උද්ඝෝෂණයේ නියැලි සිටි පාසල් ළමුන් සහ වතු කම්කරුවන් කියා සිටියේ ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින තම ප්‍රජාව ඉලක්ක කරගෙන නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිම නිසා තමන් තවත් ආර්ථික වශයෙන් පිඩාවට පත් වන බවයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ස්ථාපනය කිරිමට කටයුතු කරමින් සිටින බවත්, එම ස්ථානයේ සුරාබදු බලපත්‍ර ස්ථානයක් ස්ථාපනය කලහොත් තම දරුවන්ද මත්පැන් පානයට හුරු වන බව වතු කම්කරුවන් පැවසිය.

නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ස්ථාපනය කිරිමට තමන් කිසිසෙත් ඉඩ ලබානොදෙන බවත්, මේ පිලිබදව රජයේ ඉහල බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

මෙම නව සුරාබදු බලපත්‍රය නිකුත් කිරිමට ප්‍රථම පොලිස් වාර්තාවක් කැදවිය යුතු බවත්, එවැනි වාර්තාවක් මේ වන තෙක් කැදවා නොමැති බව වටවල පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?