නවතා තිබූ ලංගම බස් රිය පණගන්වාගෙන කොන්දොස්තර මහ රෑ පෙම්වතිය බලන්න ගිහින්

හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රියේ ගාල්කර තිබූ ලංගම බස් රථයක් රියදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා පෙම්වතිය බැලීමට කිලෝ මීටර් 09ක පමණ දුරක් බස් රථය පදවාගෙන ගොස් ආපසු එමින් සිටිය දී අනතුරකට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුර ලක්ව ඇත්තේ රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවීමෙන් පසු කොන්දොස්තරවරයා බස් රථය හතරලියද්ද බස් නැවතුම දක්වා පදවාගෙන පැමිණ කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එය ගාල් කර පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

රඹුක්කන – හතරලියද්ද මාර්ගයේ ධාවනය වන එම බස් රථය රාත්‍රියේ ගාල්කර තබන්නේ හතරලියද්ද බස් නැවතුමේ බව සඳහන්.

දිනපතා බස් රථය එලෙස ගාල්කිරීමෙන් අනතුරුව රියැදුරු ඒ ආසන්නයේ පිහිටි තම නිවස බලා පිටව යන අතර, කොන්දොස්තරවරයා බස් රථයේ ම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය දා රාත්‍රියේ කොන්දොස්තරවරයා බස් රථයෙන් කැබැල්ලවත්ත ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය හමු වී යළි පැමිණෙමින් සිටිය දී බස් රථය මෙලෙස අනතුරට පත් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42