spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවතා තිබූ ලංගම බස් රිය පණගන්වාගෙන කොන්දොස්තර මහ රෑ පෙම්වතිය බලන්න ගිහින්

හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රියේ ගාල්කර තිබූ ලංගම බස් රථයක් රියදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා පෙම්වතිය බැලීමට කිලෝ මීටර් 09ක පමණ දුරක් බස් රථය පදවාගෙන ගොස් ආපසු එමින් සිටිය දී අනතුරකට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුර ලක්ව ඇත්තේ රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවීමෙන් පසු කොන්දොස්තරවරයා බස් රථය හතරලියද්ද බස් නැවතුම දක්වා පදවාගෙන පැමිණ කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එය ගාල් කර පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

රඹුක්කන – හතරලියද්ද මාර්ගයේ ධාවනය වන එම බස් රථය රාත්‍රියේ ගාල්කර තබන්නේ හතරලියද්ද බස් නැවතුමේ බව සඳහන්.

දිනපතා බස් රථය එලෙස ගාල්කිරීමෙන් අනතුරුව රියැදුරු ඒ ආසන්නයේ පිහිටි තම නිවස බලා පිටව යන අතර, කොන්දොස්තරවරයා බස් රථයේ ම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය දා රාත්‍රියේ කොන්දොස්තරවරයා බස් රථයෙන් කැබැල්ලවත්ත ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය හමු වී යළි පැමිණෙමින් සිටිය දී බස් රථය මෙලෙස අනතුරට පත් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?