නත්තලට ගමේ යන්න අමතර දුම්රිය නැහැ – 27 සිට විශේෂ දුම්රිය කිහිපයක්

එළඹෙන උත්සව සමය තුළ මගී ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් අමතර දුම්රිය ධාවනයට එක් කිරීම දැඩි ගැටළුවක්ව පවතින බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ පවසනවා.

නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කළේ දුම්රිය රියදුරන්, නියාමකවරුන්ගේ පවතින අඩුව සහ දුම්රිය එන්ජින් හිඟයක් පැවතීම මීට හේතු වී ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් පැවතිය ද දෛනික කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට උපරිම උත්සාහයක යෙදෙන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (23) සඳහන් කළේ.

කෙසේ වෙතත් දෙසැම්බර් 27 වනදා රාත්‍රී බදුල්ල දක්වා විශේෂ දුම්රියකුත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියකකුත්, දෙසැම්බර් 28 වනදා උදෑසන බදුල්ල දක්වා විශේෂ දුම්රියකුත් ධාවනයට එක්කර ඇති බව ඔහු පැවසුවා.

එමෙන්ම 29 වනි දින රාත්‍රී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් සහ උදෑසන බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ද ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සති අන්තය පමණක් ධාවනය වූ කොළඹ කොටුව සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියේ දින හතේම ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා පැවසුවා.

එමෙන්ම යාල් දේවි සීඝ්‍රාමී දුම්රියට අමතර මැදිරි එක්කර මැදිරි සංඛ්‍යාව වැඩිකර ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43