ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයෙන් ඉවතට විසි වී රියදුරු ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඉවතට විසි වී එහි රියදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් කොස්ලන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බෙරගල – වැල්ලවාය මාර්ගයේ ඊයේ (24) සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථයේ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටිය දී පපුව රිදෙන බව බිරිඳට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව ඔහු ත්‍රිරෝද රථයෙන් ඉවතට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ රථය ඉදිරියට ධාවනය වී ගසක හා විදුලි රැහැනක ගැටී නැවතී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයෙන් ඉවතට විසි වූ එහි රියදුරු තුවාල ලබා සිටිය දී වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (25) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22