Empty Ad
AFC Banner
Empty Ad

දෝහා සංසදයට සහභාගී වෙන්න විදේශ ඇමති කටාර් රාජ්‍යයට

දෝහා සංසදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

හෙට (09) සිට ලබන 12වනදා දක්වා ඇමතිවරයා මෙම චරිකාවේ නිරතවන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

‘බහු ධ්‍රැවීය ජාත්‍යන්තර අනුපිළිවෙලෙහි BRICS නැගී එන බලපෑම’ යන මාතෘකාව යටතේ අමාත්‍යවරයා ඉහළ මට්ටමේ මණ්ඩල සැසියට සහභාගී වනු ඇති.

දෝහා සංසදය යනු කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවක් වන අතර, ලෝකය මුහුණ දෙන තීරනාත්මක අභියෝග සාකච්ඡා කිරීමට නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකට ගෙන ඒම සහ නව්‍ය සහ ක්‍රියාකාරී ජාලයන් ගොඩනැගීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වනවා.

මෙම චාරිකාවේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා, කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ද වන විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිත අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම අමාත්‍යවරයා කටාර් ආයෝජන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කටාර්හි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ද හමුවීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?