දේශබන්දුගේ සිද්ධියේ තුන්වැනි සැකකරු රටින් පැන ගිහිං – නෙවිල් සිල්වා 9 වැනි සැකකරු ලෙස නම් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිද්ධියට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු වන ඔලිවර් ජගත් නිශාන්ත නමැත්තාට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ මෙම නඩුව ඊයේ (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පොලිසියට නියෝග කළේ තුන්වැනි සැකකරුව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ආ යුතු බවයි.

නමුත් නඩුවේ තුන්වැනි සැකකරු මේ වනවිට රටින් පලා ගොස් තිබෙන බව පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මීට අමතර ව මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා නම් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

අධිකරණයෙන් ඊට ද අවසර හිමි වූ අතර නඩුවේ පළමු වන සැකකරු දේශබන්දු තෙන්නකෝන් බැවින් එහි 09 වැනි සැකකරු ලෙස CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ලෙස නම්කෙරුණා.

මීට අමතර ව සිද්ධියට අදාළ ව සාක්කි සම්පිණ්ඩන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස් කාන්තාවක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුගේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා මීට ඇතුළත්.

CCD අධ්‍යක්ෂ නෙවිල් සිල්වා තමන්ට වාහන ඉල්ලුම්පත් ඇතුළු ලේඛනය පෙර දිනයන් දමා වෙනස් කරන ලෙස දැනුම් දුන් බවයි එකී සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ.

එකී එක් පොලිස් කාන්තාවක් ප්‍රසුත නිවාඩු ලබා නිවසේ සිටියදී ඇයගේ ම අත් අකුරින් එම ලේඛන වෙනස් කළ යුතු නිසා නිවසට පැමිණ වෙනස් කරගත් බව ද ඇය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?