spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දුගේ පෙත්සම් දෙකක තීන්දු ප්‍රකාශ කිරීම ලබන සඳුදා

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා (26) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

මෙම තීන්දුව අද (23) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා දිනයේ සිදුකරන බවයි.

මේ අතර ඉකුත් වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස තමන්ව නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ලිපියක් බල රහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ද අභියාචනාධිකරණය විසින් ලබන සඳුදා දක්වා කල් තැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?