දේශබන්දුගේ චෝදනා සම්බන්ධව විමර්ශන කමිටුවට සාමාජිකයින් පත් කිරීම ලබන සතියේ

මේ වනවිට සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුවට සාමාජිකයින් ලබන සතියේ පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකු, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාගේ එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකු ද පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව මෙම කමිටුවට පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතු වනවා.

මෙම කමිටුව ස්ථාපිත කළ වහාම අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37